ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ජනපති ප්‍රධානත්වයෙන්

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 45 වන වරටත් ඊයේ (23) රාත්‍රීයේ වීථි සංචාරය කෙරිණි.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කර පෙරහර සමාරම්භය සනිටුහන් කළේය.