මේ වසර ඇතුළත ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ 2024 අයවැය යෝජනාවලින් කොපමණ ප්‍රමාණයක් ආරම්භ කර තිබේද, කොපමණ ප්‍රමාණයක් ආරම්භ කළ යුතුව ඇත්ද සහ පවතින බාධා හා ගැටලු මොනවාද යන්න එළඹෙන අප්‍රේල් මාසය අගදී දැඩිව සමාලෝචනයකට භාජනය කිරීමට රජය තීරණය කර ඇත.
වසර 2024 අයවැය යෝජනා බලාපොරොත්තු වූ ආකාරයෙන්ම ක්‍රියාවට නැවීමට මේ සමාලෝචනය හා පසු විපරම් විශාල පිටුබලයක් වනු ඇතැයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ප්‍රකාශ කළේය.
මාස 4කට වරක් ජනාධිපති කාර්යාලයේ, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සෑම අමාත්‍යාංශයකම අයවැය යෝජනා සම්බන්ධයෙන් ප්‍රගතිය සමාලෝචනය කිරීම විධිමත්ව සිදු කිරීමට පියවර ගනු ඇත. වඩාත් විධිමත් සහ විනිවිදභාවයෙන් යුතුව ජනතාවගේ යහපත සහ සංවර්ධනය සඳහා රජය යොමු කරන මුදල් හා වැඩසටහන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කොට තිබේදැයි මේ සමාලෝචනයන්හිදී හඳුනාගැනීමට හැකි වනු ඇතැයිද ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා බලාපොරොත්තු පළ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා ලෙස මේ වසර සඳහා වූ අයවැය ඉකුත් නොවැම්බර් මස ඉදිරිපත් කළ අතර, ගොවි පවුල් ලක්ෂ 20ක් සඳහා උරුමය ඉඩම් ඔප්පු ලබා දීම, මහනුවර සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීම ඇතුළු යෝජනා ගණනාවක් ඊට ඇතුළත් වූ බවද කීය.