දීඝවාපී චෛත්‍ය ඉදිකිරීම්වලට දායකත්වය දුන් අධිකරණ ඇමති

නවම් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් දීඝවාපී රජමහා විහාරයේ පැවැත්වෙන පෝදා බණ වැඩසටහන අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නවම් පොහොයදා (23) පෙරවරුවේ පැවැත්විණ.

අනතුරුව අමාත්‍යවරයා විසින් දීඝාවාපී පුදබිම වැදපුදා ගත් අතර, ඉදි කෙරෙමින් පවතින දීඝවාපී චෛත්‍ය රජාණයානන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු වලට සිය දායකත්වය සංකේතවත් කරමින් ගඩොල් කැටයක් තබා ඊට දායකත්වය පලකරනු ලැබීය.

දීඝවාපී රජමහා විහාරය වැදපුදා ගැනීමට පැමිණ සිටි බැතිමතුන්ට සහ සිල් සමාදන්ව සිටි උපාසක උපාසිකාවන් වෙත අධිරකණ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය මඟින් සංවිධානය කර තිබු දන්සැල ආරම්භ කිරීමද අමාත්‍යවරයා අතින් සිදුවිය.

මෙම වැඩසටහනේ පොහොය දින ධර්මදේශනාව ගල්මඩුකන්ද පුරාණ රජමහා විහාරාධිපති විශ්‍රාමලත් පරිවෙනාධිපති, දමන සමථමූලමණ්ඩලයේ සභාපති ශාස්ත්‍රපති හෑගොඩ විමලඥාණ ස්වාමීන්ද්‍රයන් විසින් පවත්වන්නට යෙදුන අතර මෙම අවස්ථාවට බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, අධීකරණ අමාත්‍යාංශයේ ලේකම් M.N..රණසිංහ, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ මහතා ඇතුළු පිරිසක් එක්විය.