සිය යුතුකම්-වගකීම් සියයට සියයක්ම ඉටුකළ අයෙක්

පාර්ලිමේන්තුවට තේරි පත්වූ මහජන නියෝජිතයින් අතරින් මහජනතාව වෙනුවෙන් සිය යුතුකම්, වගකීම් සියයට සියයක්ම ඉටුකළ දේශපාලකයෙක් ලෙස අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත හැඳින්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ  පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.

එතුමාගේ අභාවය පුත්තලම් දිස්ත්‍රික්කයට මෙන්ම පොදුජන පෙරමුණට ද අති විශාල පාඩුවක් බව පැවැසුවේ ඒ මහතා ශෝක යෝජනාව පිළිබඳ විවාදයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මෙසේ ද පැවැසීය.

සනත් නිශාන්තගේ අභාවය වෙනුවෙන් එතුමාගේ බිරිඳ, දරුවන් වෙනුවෙන් ශෝකය පිරිනමනවා. සනත් නිශාන්ත දේශපාලනයට එන්නේ ප්‍රාදේශීය සභාවේ සිටයි. එතුමා දේශපාලනයට පැමිණෙන්නේ පොඩිම තැනින් පටන් අරන්.