Online Safety පනතේ දක්වා ඇති වැරදි පෙබරවාරි 01 වනදා සිට සිදුකර ඇත්නම් එම පනත හරහා කටයුතු කළ හැකියි – රුවන් ගුණසේක

Online Safety පනතේ 12 වගන්තියේ සිට 22 වගන්තිිය දක්වා ඇති වැරදි පෙබරවාරි 01 වනදා සිට සිදුකර ඇත්නම්, එම වැරදි සඳහා මෙම පනත හරහා කටයුතු කිරීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර පවසනවා.

අදාළ පනත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති සම්මන්ත්‍රණයක දී ඔහු සඳහන් කළේ, එම පනතට සංශෝධන කිහිපයක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිවීම හරහා එම පනත තවදුරටත් ප්‍රායෝගික වන බවයි.

අධිකරණයට අපහාස වන ප්‍රකාශ සන්නිවේදනය වැළැක්වීම හා වැරදි සිදු කරන Online ගිණුම් හඳුනාගැනීම, තහනම් ප්‍රකාශ නැවත නැවත සන්නිවේදනය වැළැක්වීම ද මෙම පනතේ අරමුණ බවයි ඔහු සඳහන් කළේ.

මෙම පනතට අනුව යම් දෙයක් සමාජ මාධ්‍යයට මුදා හරිනවා නම්, එහි වගකීම එය මුදාහරින පුද්ගලයා දැරිය යුතු බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.