ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය ගැන අනතුරු ඇඟවීමක්

අද (23) දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මෙම තත්ත්වය ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දිවයිනේ ඇතැම් ස්ථානවල සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතිනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images news images