දුම්රිය හරස් මාර්ග 400 ක් සඳහා නව ආරක්ෂක ගේට්ටු සවිකිරීමට අවධානය

දුම්රිය හරස් මාර්ග 400 ක් සඳහා ආරක්ෂක ගේට්ටු සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර පවසනවා.

ඒ සඳහා සේවකයින් 1200ක් බඳවාගන්නා බවත්, රජයේ බහු කාර්ය යෝජනා ක්‍රමය යටතේ බඳවා ගත් පුද්ගලයින් ඒ සඳහා අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කරනවා.

මුදල් අමාත්‍යාංශය සමග ඊයේ පැවති සාකච්ඡාවේදී මෙම බඳවා ගැනීම් සඳහා එකඟතාව හිමි වූ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් පවසන්නේ.