SL vs AFG 3rd T20 : ඇෆ්ගනිස්ථානයට ලකුණු 3 ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරගාවලියේ තුන්වන හා අවසන් තරගය තියුණු තරගයකින් පසු ලකුණු 3 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 209 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්ථන කණ්ඩායම වෙනුවෙන් Rahmanullah Gurbaz ලකුණු 70 ක්, Hazratullah Zazai ලකුණු 45 ක් හා Azmatullah Omarzai ලකුණු 31 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ හා අකිල ධනංජය කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණ.

ඒ අනුව පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු තරගයකින් අනතුරුව 20 වන පන්දුවාරයේදී කඩුලු 6 ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 206 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 60 ක් හා කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 65 ක් ලබා ගැනීමට සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්.

news images news images news images