රජයේ පාසල්වල 1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම අද

මේ වසරේ රජයේ පාසල්වල 1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම අද (22) ආරම්භ වනවා.

ඒ අනුව ඒ සඳහා වන උත්සවයක් ඇඹිලිපිටිය බෝධිරාජ විද්‍යාලයේදී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මීට සමගාමීව පළාත් සභා මට්ටමින්ද පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ කටයුතු සිදු කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.