ත්‍රස්ත විරෝධී පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අධ්‍යයනය කර ඉදිරි කටයුතු සිදු කරනවා – අධිකරණ අමාත්‍ය

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබදී ඇති නිගමනය අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

ඒ අනුව පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිගමනය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් පවතින ආකාරයෙන්ම සම්මත කරන්නේ නම්, විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබුණා.