ගෘහ සේවිකාවන් ලෙස මෙරට ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යැවීම නතර කිරිමට අවධානය

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වන යෝජනාවලියක් සහ කඩිනම් සැලසුමක් තමන් වෙත ලබාදෙන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරිත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට මෙම උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයන් පිටත් කර යැවීම නතර කර ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සඳහා පමණක් ශ්‍රමිකයන් යැවීමේ වැදගත්කම ද අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.