වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරන්න ජනතාව දින ගණන් කරමින් ඉන්නේ – මුජිබර් රහුමාන්

තමාට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නොහැකි නිසා කුමක් හෝ ගැටයක් ගසා එය නොපවත්වා සිටීමේ උත්සාහයක ආණ්ඩුව නිරතවී ඇති බවට පැහැදිලි වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

ජනාධිපතිවරණය ව්‍යවස්ථානුකූලව අනිවාර්යෙන්ම පැවැත්විය යුතු මැතිවරණයක් බවත් එම මැතිවරණය කිසි ලෙසකින් කල් දැමීමේ හැකියාවක් නොමැති බවයි (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව පරාජයට පත් කිරීම සඳහා මැතිවරණයක් පවත්වන්නේ කවදෑදැයි ජනතාව දින ගණන් කරමින් සිටින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.