ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ සාමූහික මතය දැයි මන්ත්‍රී විමල් පාර්ලිමේන්තුවේදී (20) ප්‍රශ්න කළා.
එසේ නැතිනම් එය ආණ්ඩුවේ නිල මතයද, ඔහුගේ පෞද්ගලික මතයද යන්න හෙළි කළ යුතු බවත්, තමන් නියෝජනය කරන රට සම්බන්ධයෙන් එවැනි පෞද්ගලික මතයක් දැරීමට ඔහුට ඇති අයිතිය කුමක්දැයි ප්‍රශ්න කිරීමට කටයුතු කළා.
එයට පිළිතුරු ලබාදෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කළේ, එම කතාව විකෘති කර ඇති බවත්, ඉන්දියාව හා ලංකාව අතර ඓතිහාසික සබඳතාව පෙන්වා ලංකාවට පැමිණීමට ආරාධනා කිරීම සිදුකර ඇති බවයි.
එහිදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේ, එය එසේ නම් අදාළ අමාත්‍යවරයා විසින් එය ප්‍රකාශ කළ යුතු බවයි.