බොරැල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

බොරැල්ල මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට මහල් නිවාස සංකීර්ණයක් අසල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

 (19) රාත්‍රී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ අදාළ නිවාස සංකීර්ණයේ කුලී පදනම මත සිටින 38 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.