ඕනෑම අවස්ථාවක විශ්‍රාම යන්න සූදානම් – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

තමා ඕනෑම අවස්ථාවක විශ්‍රාම යෑමට සූදානම් බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

ඒ අනුව රාජ්‍ය සේවයේ සිටීමේ හරයක් නැති බවයි (20) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා එහි උසස් නිලධාරීන් පරිපාලනය සිදු කරන්නේ කටහඬේ  බලයට බවත්, දෙතුන් සීයක් එකතු වී යම් පුද්ගලයෙක්  එළවන්න යැයි කිව්වොත් එසේ කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.