අල්ලස් සිද්ධියකට නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

නුවරඑළිය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකාරවරයා සහ කළමනාකරණ සහකාරවරයෙකු අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් එම නිලධාරීන් (20) අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්.

මාර්ග බලපත්‍රයක් වෙනස් කිරීම වෙනුවෙන් රුපියල් 30,000 ක අල්ලස් මුදලක් ලබා ගත් බව පවසමින් එම නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට පත්වී ඇති බවයි පැවසෙන්නේ.