පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ගොනුකර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්රභා කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා මතුකර තිබෙනවා.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුව තුළදී නිත්‍යානුකූලව සම්මත වී නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබෙනවා.
මෙම පෙත්සම සලකා බැලීම සඳහා ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.