සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ඩීසල් ටොන් 40,000ක් ලබාදෙයි

ජපන් රජයේ ආධාර යටතේ මෙරට සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ ඇතුලු ප්‍රවාහන කටයුතු සදහා ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක ප්‍රදානයක් ලබාදී තිබෙනවා.

මෙම ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 සෞඛ්‍ය ආයතනවලට බෙදාහැරිමේ කටයුතු සදහා Fuel Management Information System (FIMS) පද්ධතියක් නිර්මාණය කර ඇති අතර, එම පද්ධතියට ඉන්ධන ලබාගත් වාහන, ලබාගත් ඉන්ධන ප්‍රමාණය, සෞඛ්‍ය ආයතන පිළිබද සියළු දත්ත ඇතුළත් කරන බවයි සඳහන් වන්නේ.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ප්‍රවාහන) නිලංග සෝමපාල ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.