මහබාගේ ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල හංදිය ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (21) උදෑසන 7.15ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලේ සාරංග නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙකු වන බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ.