සරත් ෆොන්සේකාව පක්ෂ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්

සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ තනතුරුවලින් ඉවත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සරත් ෆොන්සේකා විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව දින 14 ක් සඳහා බල පැවැත්වෙන පරිදි අධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් මෙහි විත්තිකරුවන් ලෙස නම් කර තිබුණා.