වියළි කාලගුණය නිසා ජල විදුලි උත්පාදනය පහළට

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමග දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 3 – 4 අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, නොයෙල් ප්‍රියන්ත පැවසුවා.

මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව, 83% ක් දක්වා පහත වැටී ඇති බවත්, ඒ අනුව ජල විදුලි උත්පාදනය  21% ක් දක්වා පහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් විදුලිය ජනනයෙන් 64% ක්ම  සිදු කරන්නේ තාප බලාගාර හරහා වන නිසා හැකිතාක් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙන්නේ.