වත්මන් ජනපතිගේ ක්‍රියා කලාපය ගැන රටේ ප්‍රසාදයක් තියෙනවා – මහින්ද අමරවීර

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකරගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් රටේ ප්‍රසාදයක් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල සිටින මිනිසුන් මියගොස් රට අක්‍රීයව තිබුණු අවස්ථාවක, අනෙකුත් නායකයින් මඟ හරිමින් යන විට මෙය භාරගෙන සිදු කිරීම සම්බන්ධයෙන් කාගේත් ඇගයීමක් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙතෙක් ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් වන්නේද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ කර නොමැති බවත්, තම සහයෝගය හිමිවන්නේ කාටදැයි මෙතෙක් තීරණය කර නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.