T20 තරගයේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට ප්‍රේක්ෂකයින් ගේට්ටු කඩා ඇතුළුවෙයි

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගයේ ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේදී (19) උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රවේශ පත්‍ර අලෙවිය සිදුකළ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගේට්ටුව බිඳ දමමින් ඇතුළුවීමටද ප්‍රේක්ෂකයින් උත්සාහ කර තිබුණා.

පොලීසිය තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළද ප්‍රධාන ගේට්ටුව බිඳ දමමින් ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුලු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

news images news images news images news images