පාසල් වෙත සිසුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කරයි

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් නොකරන බව එම අමාත්‍යාංශය යළි අවධාරණය කරනවා.

ඒ අනුව පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදුකරනු ලබන බවත්, පාසල්වල 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත පමණක් සිදුකරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images