පාසල් නිල ඇඳුම් සහ පෙළපොත් මාර්තු මාසයේ පළමු සතිය වන විට බෙදා අවසන් කරනවා – අධ්‍යාපන අමාත්‍යාංශය

පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් සහ පෙළපොත් ලබාදීම මාර්තු පළමු සතිය වන විට අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

නිල ඇදුම් සහ පෙළපොත් බෙදාහැරීමේ කටයුතු මේ වනවිටත් සිදුවන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ.