ධුර අහෝසි කරන කතා කෙරෙන වැඩ​ නෙමෙයි, දේශපාලඥයෝ මිනිස්සු රවට්ටනවා – මල්වතු පාර්ශවයේ මහානායක හිමි

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන දේශපාලඥයින් කතා වන්නේ 2012 සිට බවද, එය කෙරෙන වැඩක් නොව බොරු වැඩක් බවද මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනායක හිමියන් පවසනවා.

දේශපාලඥයින් විසින් මිනිසුන් රැවටීමට ලක් කරන අතර ජනතාව ද හැමදාම රැවටෙන බවයි සත්‍ය සමඟිය ප්‍රතිසංවිධානය සඳහා වූ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ අසංග ගුණවංශ හමුවූ අවස්ථාවේදී මහානායක හිමියන් සඳහන් කළේ.

නොයෙක් නොයෙක් කොමිෂන් සභා පත් කළද සිදුවී ඇත්තේ මොනවාදැයි ගැටලු සහගත බවද මහනායක හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.