ජී. එල්. පීරිස්ගේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයකදී තමා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසනවා.

මේ වන විට ප්‍රබල ජන මතයක් සජිත් ප්‍රේමදාසට ගොඩනැගෙමින් ඇති බවයි නිදහස ජනතා සභාව (19) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරණයක් වුවද පාර්ලිමේන්තු මැතිවරණයක් වුවද සජිත් ප්‍රේමදාසට සහායෝගය ලබාදෙන ස්ථාවරයේ සිටින බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.