අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට වෙරළාරක්ෂක ගුවන් යානයක්

ශ්‍රී ලංකාවට ගුවන් යානාවක් ලබාදීමට අමෙරිකාව තීරණය කර තිබෙන බව අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන Doland Lu සඳහන් කර සිටිනවා.

මෙරට වෙරළ තීරයේ ආරක්ෂක කටයුතු සඳහා මුර සංචාර කටයුතු වලට යෙදවීමට මෙම ගුවන් යානය ලබා දෙන බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව ‘king air’ ගුවන් යානාවක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට නියමිත අතර, එය මේ වසර තුළ ලැබෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.