කොටකෙතන ඝාතකයාට මරණ දඬුවම ලබාදෙයි

කොටකෙතන ප්‍රදේශයේදී මවක් සහ දියණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පුද්ගලයාට මරණ දඬුවම නියම කර තිබෙනවා.

නඩුවේ තීන්දුව (19) ප්‍රකාශයට පත් කරමින් රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න අදාළ නියෝගය (19) ලබාදී තිබෙනවා.

2012 වසරේ ජුලි මහ 19 වනදා එම ඝාතනය සිදුකර තිබූ බවයි වාර්තා වෙන්නේ.