UN ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද ආරම්භ වෙයි

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද (19) කොළඹ දී ආරම්භ වනවා.

මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 42ක නියෝජිතයින් සහභාගි වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ඉන් රටවල් 35 ක කෘෂිකර්ම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්ම නිලධාරීන් ද 300 කට අධික පිරිසක් සහභාගි වීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම සමුළුවේ සමාරම්භක සැසිවාරය හෙට (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.