සේවයෙන් ඉවත් වෙන්නේ නැහැ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

සේවකයින් කිහිප දෙනෙකු උද්ඝෝෂණය කළ පමණින් තමන් සේවයෙන් ඉවත් වීමට කිසිදු අවස්ථාවක සුදානම් නොමැති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

මෙහිදී කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් සඳහන් කරන්නේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ජාතික රෝහලේ සේවයට වාර්තා කළහොත් තමන් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඔහු විසින් සිදුකළ ප්‍රකාශවලට ඔහුව පැය 06ක පමණ කාලයක් කාර්යාල අඩස්සියේ තබා ගැනීමට සේවකයින් කටයුතු කර තිබුණා.