සේවක වැටුප් ගැන රජයට තීරණ ගන්න බැහැ – රාජ්‍ය ඇමති සියඹලාපිටිය

ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකු සේවකයින් ගේ වැටුප් තීරණය කිරීමේ බලය බැංකු පනතින්ම මහ බැංකුවට ලැබී තිබෙන බවත් මහ බැංකු වැටුප් සම්බන්ධයෙන් රජය තීරණ නොගන්නා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පනත ප්‍රකාරව මහ බැංකු සේවකයින් ඔවුන් ගේ වැටුප් වැඩිකර ගැනීමක් සිදු කරගෙන ඇති බවයි.

ලෝකයේ සෑම මහ බැංකුවක්ම විශේෂිත පුද්ගලයින්ගෙන් විශේෂිත වූ ශ්‍රමයක් ලබා ගන්නා බැවින් ඔවුන් ට ඉහළ වැටුප් ලබා දෙන බවද ඔහු සඳහන් කළා.