දීමනා ගැන අද සෞඛ්‍ය ඇමති හා වෘත්තීය සමිති අතර තීරණාත්මක සාකච්ඡාවක්

සෞඛ්‍ය වෘත්තිය සමිති සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම සාකච්ඡාව ද අසාර්ථක වුවහොත් අද (19) පස්වරුවේ රැස් වී වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ.

වෛද්‍යවරුන් සඳහා වැඩි කළ රුපියල් 35,000 ක දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් එක් ව පසුගිය සති කිහිපය තුළ අවස්ථා දෙකක දී දින කිහිපයක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළා.