SL vs AFG 1st T20 : ශ්‍රී ලංකාවට ලකුණු 4 ක තියුණු ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන T20 තරග‍ාවලියේ පළමු තරගය ලකුණු 4 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වූ අතර  පන්දුවට පහරදීම සඳහා ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 160 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 67 ක් හා සධීර සමරවික්‍රම ලකුණු 25 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Fazalhaq Farooqi කඩුලු 3 ක්, Naveen-ul-Haq, Azmatullah Omarzai කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 161 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩාමට පන්දුවාර 20 ක් තුළ කඩුලු 9 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 156 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 4 ක් , දසුන් ශානක කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්.

news images news images news images news images