සෞඛ්‍ය සේවක ගැටලු ගැන සඳුදා විශේෂ සාකච්ඡාවක්

සෞඛ්‍ය සේවක ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ ලබන සඳුදා එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

අදාළ සාකච්ඡාවේදී එළැඹෙන තීරණ අනුව ඉදිරි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ඔහු පැවසීය.