සංචාරක පක්ෂීන් මිලියනයක් පමණ අනතුරේ

මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන් මිලියනයක් පමණ අවදානමට ලක්ව තිබෙනවා.

ඒ ඉන්දීය අදානි සමාගම විසින් මන්නාරම දූපත පුරා ඉදිකිරීමට සැළසුම් කර ඇති මෙගාවොට් 250ක සුළං බලාගාරය නිසා බවයි වාර්තා වන්නේ.

මෙම පක්ෂීන්ගේ ගමන් මාර්ගය පවතින්නේ සුළං බලාගාරය ඉදිකිරීමට යෝජිත ස්ථානය හරහායි.

පරිසරවේදී නයනක රන්වැල්ල සඳහන් කරන්නේ වසරකට රටවල් 30කින් පමණ සංචාරක පක්ෂි විශේෂ 150ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

ඒ නිසා එම කුරුල්ලන් අවදානමට ලක්ව ඇති බව සඳහන්.

එම නිසා මෙම ඉදිකිරීම් උතුරෙන් ආරම්භ කිරීමට රජය විද්‍යාත්මක තීන්දුවක් ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.