රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ ශ්‍රී ලංකාව වේගයෙන් ආපස්සට ගමන් කරමින් පවතිනවා – Human Rights Watch

රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ ශ්‍රී ලංකාව වේගයෙන් ආපස්සට ගමන් කරමින් පවතින බවත්, ඔහුගේ පරිපාලන ක්‍රමය, නව මර්දනකාරී නීති මාලාවක් සමඟ විවේචන යටපත් කිරීමේ මාර්ගයක් දක්වා ගමන් කර ඇති බවත් Human Rights Watch සංවිධානය පවසනවා.

ශ්‍රී ලංකාව තවමත් වැරදි පාලන ක්‍රම සහ වගවීමේ ඌනතාවය නිසා ඇති වූ ආර්ථික අර්බුදයකින් පසුවන බවත්, එහෙත් සමාජ සාධාරණත්වය සහ අයිතීන් කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවට වික්‍රමසිංහ රජය අවධානය යොමු කර ඇත්තේ විසම්මුතිය යටපත් කිරීමට සහ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර අවධානය සීමා කිරීමට බවයි එම සංවිධානයේ නියෝජ්‍ය ආසියානු අධ්‍යක්ෂිකා මීනක්ෂි ගංගුලි පෙන්වා දෙන්නේ.

මේ වසර අගදී රට තුල ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සූදානමක් පවතිද්දී නව, මර්දනකාරී නීති මාලාවක් සමඟ විවේචන යටපත් කිරීමට වික්‍රමසිංහ පාලනය බලවත් ලෙස පියවර ගෙන තිබෙන බවත්, ජනවාරියේ සම්මත කරන ලද Online Safety පනත මගින් භාෂණය ආශ්‍රිත නොපැහැදිලි සහ පුළුල් වැරදි නිර්මාණය කරන බවත් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පවසනවා.