මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කරගත යුතුයි – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

මත්පෙති සහ මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කරගැනීමට සමාජයේ අවධානය වැඩිවශයෙන් යොමුවිය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහළේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

දෙමාපියන් සහ භාරකරුවන් දරුවන් ඉදිරියේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කිරීම නොකළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම ඖෂධ හෝ වෙනත් මත්වන ද්‍රව්‍ය දරුවන් සමීපයේ නොතැබීමට වැඩිහිටියන් කටයුතු කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අවධාරණය කරන්නේ.