බලධාරින් හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර අධ්‍යාපන ක්ෂේත්‍රය පිලිබඳව විශේෂ සාකච්ඡාවක්

වර්තමාන අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ අභියෝග ගැන ද, ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද වූ විශේෂ සාකච්ඡාවක් (16) පැවැත්වුනු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එහිදී පළාත් නවය ඒකාබද්ධ කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ වෙනම ඒකකයක් ස්ථාපනය කිරීමට යෝජනා වූ බවත්, පළාත් බලධාරින් සහ රේඛීය අමාත්‍යාංශ නිලධාරින් අතර පවතින බෙදීම් හේතුවෙන් මතු ව ඇති ගැටලු සම්බන්ධයෙන් ද වෘත්තීය සමිති මෙහිදී කරුණු දක්වා ඇති බවත් වැඩිදුරටත් සඳහන්.

මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා සමග සියලු‍ ආණ්ඩුකාරවරුන්, පළාත් අධ්‍යාපන බලධාරින් සහ වෘත්තීය සමිති නියෝජිතයන් ද සහභාගි වූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.