කෙහෙළියගේ රෝගී තත්ත්වය ගැන විමර්ශනයක් ඉල්ලමින් අධිකරණයට මෝසමක් ගොනු කෙරේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉකුත් 15 වැනි දින අධිකරණයට ඉදිරිපත් නොකිරීමට තරම් රෝගී තත්ත්වයක පසුවූයේදැයි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා මෝසමක් ගොනු කර තිබෙනවා.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට මෙම මෝසම ඉදිරිපත් කර ඇති අතර, විමර්ශනයට අදාළ ප්‍රශ්නාවලිය බන්ධනාගාර වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසට එමගින් පැමිණිලි පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ නඩුව 15 වැනිදා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවූ නමුත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නඩු වාරය සඳහා අධිකරණයට නොපැමිණි අතර ඔහුගේ නීතිඥයින් දැනුම්දුන්නේ කෙහෙළිය රඹුක්වැල්ල නින්දේදී හුස්ම හිරවීම ඇතුළු රෝග ගණනාවකින් පීඩා විඳිමින් සිටින බවයි.