රිය අනතුරකින් මාස 04 ක බිළිදෙකු ඇතුළු 14 ‍කට තුවාල..

වාරියපොල, කළුගමුව මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මාස 04ක බිළිදෙකු ඇතුළු 14 දෙනකු තුවාල ලබා තිබේ.

පොලිසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ වාරියපොල දෙස සිට කළුගමුව දෙසට ගමන්ගත් වෑන් රථයක් මර්ගයෙන් ඉවතට ගමන් කර ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

වාරියපොල ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් එලෙස තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කළේ ය .