ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාව බුදු සරණයි බෝඩ් එක ගහගෙන හොර හරක් ගෙනියනවා වගේ වැඩක් – ඩිලාන් පෙරේරා

ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ආණ්ඩුව ගෙන එන යෝජනාව “බුදු සරණයි බෝඩ් එක ගහගෙන හොර හරක් ගෙනියනවා වගේ වැඩක්” බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

ඒ අනුව මෙහි අරමුණ වන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම නොව, රනිල් වික්‍රමසිංහට ජනතා ඡන්දයෙන් පැමිණීමට නොහැකි නිසා පසුපස දොරෙන් පැමිණීම සඳහා කරන උපාය මාර්ගයක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.