ජනපති සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් (Brig. Gen. Miri Regev) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී සිදුවී තිබෙනවා.

හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් ආපසු ගෙන්වා ගැනීමට ඊශ්‍රායලයට ශ්‍රී ලංකාවේ සහාය අඛණ්ඩව හිමිවන බවත්, ගාසා තීරයේ ගැටුම් වහා නැවැත්විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඊශ්‍රායල රාජ්‍යයේ ආරක්ෂාව තහවුරු කරමින් පලස්තීන රාජ්‍ය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව සහාය පළ කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images