SL vs AFG T20 : පළමු T20 තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන T20 තරග‍ාවලියේ පළමු තරගය අද (17) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

‍තරගය අද රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතුවලින් අනතුරුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මෙය වන අතර, මෙම ක්‍රීඩාංගණයේදී පිරිමි කණ්ඩායම් දෙකක් සහභාගී වන පළමු ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ද මෙය වීම විශේෂත්වයක් වනවා.