2024 LPL තරගාවලිය ජුලි මාසයේ පැවැත්වෙයි

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළෙඹෙන ජූලි පළමු වැනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව එම තරගාවලිය ජුලි 1 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

මෙවර ද කණ්ඩායම් 5 ක් තරග වැදීමට නියමිත අතර සම්පූර්ණ තරග 24 ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.