සෞඛ්‍ය සේවක ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමති විශේෂ සාකච්ඡාවක් කැඳවයි

සෞඛ්‍ය සේවක ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේ ලබන සඳුදා එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

එම සාකච්ඡාවේදී එළැඹෙන තීරණ අනුව ඉදිරි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ඔහු පැවසුවේ ය.

සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳවද ඔහු පැහැදිලි කළේ ය.