විධායක ජනාධිපතිවරණය අහෝසි කිරීමේ හොඳම වෙලාව බලය ගිලිහෙන්න කිට්ටුව කරගන්න එක – මහින්ද අමරවීර

විධායක ජනාධිපතිවරණය අහෝසි කිරීම සඳහා කවුරුන් කුමන මොහොතේ යෝජනාව ගෙනාවද, ඒ සඳහා සිය සහයෝගය ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, විධායක ජනාධිපති ක්‍රමය හරහා රටට යහපතක් සිදු නොවූ බවත්, සිදුව ඇති පරිහානියටද හේතුව මෙම ජනාධිපති ක්‍රමය බවයි.

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ සෑම මැතිවරණයක් ආසන්නයේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ගෙන එන බවත් එය ක්‍රියාත්මක නොවීමට හේතුව කුමක්ද යන්නයි.

එයට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම යෝජනාව එන්නේ කුමන වේලාවේද යන්න තමන් නොදැන සිටියත්, බලය ලබාගත් පුද්ගලයා එය අතහැරීමක් සිදු නොකරන බවත් ඒ හේතුවෙන් හොඳම වෙලාව වන්නේ බලය ගිලිහෙන අවස්ථාවේ එය සිදු කර ගැනීම බවයි.