කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 16ක ජල කප්පාදුවක්

(17) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක් සිදුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව පස්වරු 5.00 සිට 18 වන ඉරිදා පෙරවරු 9.00 දක්වා කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.