ඉර හඳ වගේ විශ්වාසයි වත්මන් ආණ්ඩුව මැතිවරණයෙන් පරාජය වෙනවා – නාලක ගොඩහේවා

ඉදිරි මැතිවරණයෙන් වත්මන් ආණ්ඩුව පරාජයට පත්වන බව ඉර හඳ මෙන් විශ්වාස බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා පවසනවා.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය ජය ගන්නේ විපක්ෂයේ සිටින සමඟි ජන බලවේගය හෝ ජාතික ජන බලවේගය යන කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම කණ්ඩායම් දෙකෙන් වඩා පළපුරුද්දක් ඇති හොඳම කණ්ඩායම ඇත්තේ කා සමඟද යන්න ජනතාව විසින් තීරණය කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා වැඩිදුරටත් සඳහන් කළේ.