අත්අඩංගුවට ගත් පියුමා පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඩුබායි හීදී අත්අඩංගුවට ගෙන (15) මෙරටට රැගෙන ආ පාතාල කල්ලි සාමාජිකයෙක් ලෙස සැක කෙරෙන පියුමා නැමැත්තාව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා.

ඔහු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

පියුම් හස්තික නොහොත් පියුමා කුඩු සලිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයා බවටයි සැලකෙන්නේ.